Cricket NewsEXCLUSIVELegends Series

සනත්, ඩිල්ශාන්, මුරලි, චමින්ද වාස් ඇතුළු ප්‍රභලයන් රැසක් සමග Legends League තරඟාවලියේ සංචිත නම් කෙරේ.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස Legends League තරගාවලියක්ද 2022 වසරේ ජනවාරි මස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් එම Legends League තරඟාවලියෙන් අනතුරුව එළඹෙන පෙබරවාරි මාසයේදී Road Safety World Series තරඟාවලිය ද පැවැත්වීමට නියමිතය.

මේ අතර Legends League තරඟාවලියට කණ්ඩායම් තුනක් තරඟ වදිනු ලබනවා. ඒ Team India, Asia Lions සහ Team World ලෙසයි. මේ අතර තරගාවලියට ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය යන රටවලින් ද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක් විමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Asia Lions කණ්ඩායම සඳහා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.ආසියානු සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඊට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංගයි.

නම් කරන ලද Asia Lions කණ්ඩායම –

Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Azhar Mahmood, Upul Tharanga, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Younis Khan, Asghar Afghan.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button