Cricket NewsEXCLUSIVE

බංග්ලාදේශ කණ්ඩායමටත් අකරතැබ්බයක් – ආසියානු කුසලානය සඳහා නම් කල සංචිතයේ සිටි ප්‍රධානතම වේගපන්දු යවන්නා ආබාධයකට ලක්වෙයි.!

තවත් සතියකටත් අඩුකාලයක් තුලදී ආරම්භ වීමට නියමිත් ආසියානු කුසලානය සඳහා එක්වන කණ්ඩායම් සියල්ලක්ම පාහේ තම සංචිත පසුගියදා නම් කර අවසන් කල අතර ඉන් අන්තුරුව සංචිත වලට ක්‍රීඩකයින් ආදේශ වීම හා ක්‍රීඩකයින් ඉවත් වීම සුලභ දසුනක් විය.

ඉන්දියාව,පකිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නා අහිමි වූයේ ඔවුන් ආබාධයන්ට ලක්වීම හේතුවෙනි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කඳවුර දෙසින් අසන්නට ලැබුණේද ඒ හා සමාන පුවතකි.

බංග්ලාදේශය සතු ප්‍රධානතම හා අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා වන Mustafizur Rahman ආබාධයකට ලක්ව ඇති බව සඳහන්

එරට ප්‍රධාන පෙලේ දේශීය පුවත්පතක් වන The Daily Star පුවත්පත සඳහන් කරන ආකාරයට එය සුළු ආබාධයක් වන නමුත් ඉදිරි දින කිහිපය ඔහුට අතිශය තීරණාත්මක වනු ඇති බවද ඔවුන් සඳහන් කර තිබුණි.

බංග්ලාදේශ අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග Mustafizur ගේ සහභාගිත්වය හෝ නොවීම පිළිබඳව තවමත් නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොමැති බවයි සඳහන් ව ඇත්තේ.

ඊයේ පැවති පුහුණු තරඟයටත් ඔහු සහභාගි වී නොමැති අතර අද පැවැත්වෙන පුහුණු තරඟයටත් ඔහු සහභාගී නොවනු ඇති බවට එම පුවත්පත තවදුරටත් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button