Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලාන තරඟාවලිය දෙවන සුදුසුකම් ලැබීමේ තරඟය ලෙස කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) අතර පැවති තරඟයෙන් කුවේට් කණ්ඩායමට තියුණු ජයක්.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ඊයේ (20) ආරම්භ වුවා. UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවල මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර එහි දෙවන තරඟය ලෙස කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම් අතර අද පැවති තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට කුවේට් කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කුවේට් නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා UAE කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් UAE කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුණා.

UAE වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Chirag Suri පන්දු 61කදී ලකුණු 88ක් වාර්තා කිරීමට සමත් වුනා. Muhammad Waseem ලකුණු 35ක් රැස් කළ අතර Vriitya Aravind ලකුණු 33ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shiraz Khan, Sayed Monib සහ ohamed Shafeeq එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 174ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කුවේට් පිතිකරුවන් පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 177ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

කුවේට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩක Ravija Sandaruwan ලකුණු 34ක් රැස් කල අතර Meet Bhavsar ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Basil Hameed කඩුලු දෙක බැගින් 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button