Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් ඇරඹෙන මෙවර ආසියානු කුසලානයේ තරඟ කාල සටහන නිකුත් වේ.!

දීර්ඝ විරාමයකින් අනතුරුව ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වන්නට තීරණය කර තිබුණි. කෙසේ නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින අස්ථාවර තත්වය හේතු කොටගනිමින් ඔවුන් ස්ජ්රි ලාංකීය සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත තරගාවලිය රැගෙන යාමට පසුගියදා තීරණය කලේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ ද්විත්වය වන අබුඩාබි හා සාජා ක්‍රීඩාංගණයේදී මෙවර තරඟාවලියේ සියලුම තරඟ පැවැත්වෙනු ඇත. තරඟාවලිය සඳහා තරඟ 13 ක් ඇතුලත් වන අතර තරඟාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවන සාර්ථකම කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර මෙවර තරඟාවලියේ ප්‍රථම තරඟය පැවැවෙනු ඇත.

මෙවර තරඟාවලියේ වඩාත්ම අවධානයට ලක්වූ තරඟය ලෙසින් සැලකෙන ඉන්දු පකිස්ථානු තරඟය 28 වැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ .

එම තරඟාවලියේ කාලසටහන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button