Cricket NewsEXCLUSIVEInternationalMatch Review

Obed McCoy ඇතුළු කොදෙව් පන්දු බලඇණිය ඉදිරියේ නම් දැරූ ඉන්දීය පිතිකරුවන් දණ නමයි – කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්.!

ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගෙන ඒමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුයේ ලකුණු 138ක් පමණයි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Hardik Pandya පන්දු 31කදී ලකුණු 31ක් වාර්තා කිරීමට සමත් වුනා. Ravindra Jadeja ලකුණු 27ක් රැස් කළ අතර Rishabh Pant ලකුණු 24ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Obed McCoy කඩුලු 6ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 139ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 141ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Brandon King පන්දු 52ක් තුල ලකුණු 68ක් රැස් කල අතර Devon Thomas ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේදී Arshdeep Singh, Ravindra Jadeja, Ravichandran Ashwin, Hardik Pandya සහ Avesh Khan එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරඟාවලිය මේ වන විට 1-1ක් ලෙස සම තත්වයේ පසුවන අතර දෙරට අතර පැවැත්වෙන තෙවන තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7