Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League සංග්‍රාමය අවසන් අදියරට – අවසන් මහා තරඟයට තියුණු සටනක්.!

තරුණ ක්‍රීඩකයන් සොයා යන ගමනක තවත් පියවරක් ලෙස පළමු වරට සංවිධානය කරන ලද National Super League එක්දින තරගාවලිය පසුගිය ජනවාරි 24 වන දා ආරම්භ වූ අතර මේ වන විට තරඟාවලියේ අවසාන අදියරට කෙමෙන් කෙමෙන් එළඹී තිබෙනවා.

කෙමෙන් කෙමෙන් මේ වන විට තරඟාවලිය තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්වීමත් කලම්බු කණ්ඩායම විසින් දඹුල්ල පිල පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වීමත් සමඟ National Super League 2022 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටනට සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීම සිව්කොන් සටනක් බවට පත්ව තිබීම හේතුවෙනි.

අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (08 දා) අවසන් වුණු තරගයේ ජයත් සමඟ කැන්ඩි පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණ සිටිනවා.

මූලික වටය යටතේ තරග 5 කට පමණක් ක්‍රීඩා කර ඇති කැන්ඩි කණ්ඩායම බෝනස් ලකුණද සමඟ මේ වන විටත් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20 කි. තරග 6 කට සහභාගිව ජයග්‍රහණ 4 ක් වාර්තා කරගෙන සිටින ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු 18 ක් ලබමින් දෙවැනි ස්ථානයේද තරග 6 කට සහභාගිව ජයග්‍රහණ 3 ක් ද සමඟ කලම්බු පිල තෙවැනි ස්ථානයේදී රැදී සිටිනවා.

තරග 5 කදී ජයග්‍රහණ 3 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටින ගෝල් කණ්ඩායම එම සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් තෙවැනි සහ සිව්වැනි ස්ථානවල රැඳී සිටින කලම්බු සහ ගෝල් කණ්ඩායම් වලට අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග සියල්ලම ජය ගැනීම අනිවාර්යය වී තිබේ.

එහිදී කලම්බු පිලට තරග 2 ක් සහ ගෝල් පිලට තරග 3 ක් ඉතිරිව තිබේ. ඒ අනුව අවසන් මහ සටනට සුදුසකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට කලම්බු පිලට අවශ්‍ය වන්නේ නම් කැන්ඩි පිලට එරෙහිව ලබන 10 වැනිදා පල්ලකැලේ පැවැත්වීමට නියමිත තරගයේ ජය කලම්බු පිලට අනිවාර්යය වේ.

කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් මේ වන විටත් ජයග්‍රහණ 4 ක් ලබා ගනිමින් පළමු ස්ථාන දෙකෙහි පසුවන බැවින් ඔවුන්ට බොහෝ විට තව එක් තරගයක් පමණක් ජයගැනීම ප්‍රමාණවත් වනු ඇත.

කෙසේ වෙතත් ඒ සියල්ල රඳා පවතිනුයේ කලම්බු පිල සහ ගෝල් කණ්ඩායම ඉදිරි තරග වලදී දක්වනු ලබන දස්කම් මත තීරණය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7