Cricket NewsEXCLUSIVEIPL

ඇමෙරිකානු ඩොලර් බිලියන 5.09ක අති දැවැන්ත මිළකට IPL තරඟාවලියේ නිළ විකාශන අයිතිය අලෙවි වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන්නේ අසල්වැසි ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියයි.

එළැඹෙන 2023 වසරේ සිට 2027 දක්වා වසර 5 ක කාලය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 23,575 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.72 / ශ්‍රී ලංකා රුපියල් කෝටි 108280.93)ක මුදලකට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ (IPL) ඉන්දියානු කලාපීය රූපවාහිනී විකාශන අයිතිය නැවතත් ලබා ගැනීමට ඉන්දීය ‘Disney Star’ සමාගම සමත් වූ අතර ඒ අනුව ඔවුන්ගේ Star Sports ක්‍රීඩා නාලිකා ඔස්සේම ඉදිරි වසර පහේත් IPL තරග නැරඹීමට අවස්ථාව උදා වේ.

එමෙන්ම 2023 වසරේ සිට 2027 දක්වා වසර 5 ක කාලය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 20,505 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.37) ක මුදලකට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ (IPL) ඉන්දියානු කලාපයේ ඩිජිටල් විකාශන අයිතිය ලබා ගැනීමට ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ ‘Viacom 18’ සමාගම සමත් වූ අතර ඔවුන්ගේ ‘Voot’ සහ ‘Jio TV’ අන්තර්ජාල විකාශන (OTT) සේවා ඔස්සේ 2023 ඔස්සේ IPL තරග විකාශය වනු ඇත.

ඒ අනුව ඉදිරි වසර 5 කාලය සඳහා IPL තරගාවලියේ සමස්ත විකාශන අයිතීන්ගේ (TV+Digital) වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 44075 (ඇමෙරිකානු ඩොලර් බිලියන 5.09, ශ්‍රී ලංකා රුපියල් කෝටි 202438.26) ක් බවට පත්වන අතර එය මීට පෙර 2018-2022 වසර 5 ක කාලය සඳහා Star India සමාගම IPL තරගාවලියේ සමස්ත විකාශන අයිතිය (TV+Digital) ලබාගත් ඉන්දියානු රුපියල් කෝටි 16,348 ක වටිනාකම මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

මෙලෙස Disney Star සහ Viacom 18 යන සමාගම් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ (IPL) 2023 සිට 2027 දක්වා ඉදිරි වසර පහේ විකාශන අයිතිය ලබාගනු ලැබූවේ ඊයේ (12) ඇරඹුණු 2023-27 IPL විකාශන අයිතිය විකිණීමේ E-වෙන්දේසියෙන් වන අතර එහිදී IPL තරගාවලියේ මුල් අවුරුදු දහයේ (2008-2017) විකාශන අයිතිය දැරූ ‘Sony Pictures Network India’ සමාගමට IPL තරගාවලියේ කිසිඳු විකාශන අයිතියක් දිනා ගැනීමට මෙවරත් නොහැකි වීම සුවිශේෂීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button