Cricket KnowledgeCricket NewsEXCLUSIVE

වසරක් තුල ජගත් විස්සයි-20 පිටියේ අණසක පතුරවමින් වාර්ථා රැසක් අලුත් කල තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ හඹායෑම්.!

මේ වසර තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ තුලදී සැලකිය වර්ධනයක් පෙන්නුම් කලේය අනෙකුත් වසර වලට සාපේක්ෂව මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරඟතුලදී විශාල ලකුණු පුවරු කිහිපයක් හඹාගෙන යන්නට හැකියාව ලැබුණි.

මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස පිටියේ අවස්ථා තුනකදී ලකුණු 175 කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවන් අවස්ථා තුනකදී සාර්ථකව හඹාගෙන ගියේය. එය වාර්ථා පොත් අලුත් කලේ කැලැන්ඩර් වර්ෂයක් තුළ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ වල හඹා යාම් වල දී ලකුණු 175 ට වැඩි ලකුණු ප්‍රමාණයක් වැඩිම වාර ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම ලෙසය.

තම මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානකගේ විශිෂ්ඨ ඉනිම හේතුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 177 ක් හඹා ගියේය. ඉන් අනතුරුව මෙවර ආසියානු කුසලානයේදී පිට පිට තරඟ දෙකකදී යලිත් ලකුණු 175 ඉක්මවූ ඉලක්කයන් හඹා යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 184 ක් හඹාගියේ කඩුලු 8 ක් පමණක් වැයකරමිනි.කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිමද සමඟින් අතිශය තියුණු තරඟයක් ඩුබායි හිදී නිමාව දුටුවේ කඩුලු 2 ක ජයක් ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි.

ඉන් අනතුරුව ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය කඩුලු 4 කින් ජයගත්තේය. සාජා හිදි පැවැති එම තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය බොහෝ කලකට පසු වඩාත් ස්ථාවර හා වඩාත් විශ්වාසනීය අන්දමින් තමන්ට නියමිත කාර්‍ය මනා සේ හමාර කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button