EXCLUSIVETrending Article

“අපිට මේ තරම් දරුණුවට ගැහුවත් කිසිම වෙලාවක මේ මනුස්සයා ගැන තරහක් ඇති වෙන්නේ නැත්තේ ඇයි දන්නේ නැ… ඒ තරම් ලස්සනට මේ ඉනිම ගැහුවා” – ගුර්බාස්ගේ ඉනිම ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

ජයග්‍රාහී සැමරුම් අස්සේ මේ ඉනිම ගැනත් අමතක නොකල යුතුයි. ඒ තමයි රහමනුල්ලා ගුර්බාස් ගහපු ඒ සුපිරි ටුවෙන්ටි ඉනිම,

විස්සයි-20 පිතිකරුවෙක්ට තියෙන්න ඕනි මොනවාද ? ඒ සේරම මේ ක්‍රීඩකයාට පිහිටලා තියෙනවා.
ඔහුව දවා ගන්න තිබුන අවස්ථාවක් ගුණතිලක අතින් අවාසනාවන්ත විදිහට නැති වුනා. ඉතිං ගුර්බාස් පෙන්නුවා තමන් දුන්නු චාන්ස් එකෙන් ප්‍රතිඵලයක් ගන්න බැරි වුනොත් එයාට කොයි තරම් හානියක් තනියම කරන්න පුළුවන්ද කියලා…

දුර්වල පන්දුවක් දුටු තැන ඒ පන්දුව හයේ හතරේ සීමාවට යැව්වා. මේ ප්‍රහාරාත්මක පිතිකරනය නිසාම දසුන් පන්දු රකින්නන් යොදවලා තිබුනෙත් ටිකක් දුරින්. මොකද මෙයා පවර් එක දාලා පන්දුවට පහර දෙන නිසා. ඉතිං ඒ වාසිය අරන් ගුර්බාස් හරි ලස්සනට එකේ ලකුණු හෙව්වා. දෙකේ ලකුණු නිර්මාණය කරලා ගත්තා. කඩුලු අතර දිවීම ඉතාම ඉහල තැනක තිබුනා.

කිසිම පන්දු යවන්නෙක්ට ඔලුව උස්සන්න දුන්නේ නැ… එයාලගේ ප්ලෑන් එකේ විදිහට බැට් කරා. අපි මුජීබ්ටයි රශීඩ්ටයි පරිස්සම් වෙලා ගහනවා වගේ එයාලගේ ප්ලෑන් එක වුනේ හසරංගට විකට්ස් නොදී පුළුවන් තරම් ලකුණු ලබා ගන්න. ඒක හරියටම කරා. කාට ඇටෑක් කරත් වනිදුට ඇටෑක් කරන්න ගියේ නැ.. හරිම ලස්සනට බැට් කරා.

ගැහුවේ අපිට තමයි. විදේශිකයෙක් අපිට මේ තරම් දරුණුවට ගැහුවත් කිසිම වෙලාවක මේ මනුස්සයා ගැන තරහක් ඇති වෙන්නේ නැත්තේ ඇයි දන්නේ නැ.. ඒ තරම් ලස්සනට මේ ඉනිම ගැහුවා. අවසානයේ ඔවුන් තරගය පැරදුනත් තරගයේ වීරයාට හිමි සම්මානය ඔහු හිමි කර ගත්‍තා. නිසැකවම ඔහුට එය හිමි විය යුතුව තිබුනා.

ශ්‍රි ලංකා ක්‍රීඩකයින් තරග ජය ගත්තා. ඒ ඉනිම සම්මාන ලබන්නට තරම් විශිෂ්ඨ ඉනිමක් වුනා.

– Rishie Bro තබ්බු සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7