Cricket NewsEXCLUSIVEIPL

නම් දැරූ සුපිරි පිතිකරුවන් රැසකගෙන් සමන්විත Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වමින්, සිය ලකුණු 126 ආරක්ෂා කරගැනීමට වනිඳු, Hazlewood ඇතුළු RCB පන්දු බලඇණිය සමත් වෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43න තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 18ක ජයක් හිමිකර ගැනීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Faf du Plessis ලකුණු 44ක් වාර්තා කිරීමට සමත් වුනා.

Virat Kohli ලකුණු 31ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 16ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Naveen-ul-Haq කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 127ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන්ට නියමිත පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 108ක් පමණයි

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Krishnappa Gowtham ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී Josh Hazlewood සහ Karn Sharma කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
4
+1
13
+1
4
+1
3
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button