Cricket NewsEXCLUSIVEIPL

“මතීශගේ පන්දු යැවීම ඉතා හොදයි” – Punjab Kings කණ්ඩායමට එරෙහිව මතීශ පතිරණගේ විශිෂ්ට පන්දු යැවීම පිළිබඳව CSK නායක MS Dhoni අදහස් දක්වමින්..

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Punjab Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක තියුණු ජයක් හිමිකර ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

මේ තරඟයේ ජයග්‍රහනය සඳහා අවසන් පන්දුවාර 5තුල Punjab Kings පිතිකරුවන්ට ලකුණු 72ක් අවශ්‍ය වූ අතර ඒ වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 129ක් රැස් කරගෙන සිටියා.

කෙසේ නමුත් අනතුරුව Tushar Deshpande විසින් යොමු කරන ලද තරඟයේ 16 වන පන්දුවාරයේ දී ලකුණු 24ක් ලබා ගැනීමට Punjab Kings පිතිකරුවන් සමත් වූ අතර අනතුරුව Ravindra Jadeja යොමු කල 17 වන පන්දු වාරයේ දීද ලකුණු 17ක් ඔවුන් ලබා ගත්තා.

අනතුරුව 18 වන පන්දු වාරයේ දී පන්දුව අතට ගත් මතිෂ පතිරණ එම පන්දුවාරයට ලකුණු 9ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ද බිඳ හෙලීමට සමත් වුනා.

19 වන පන්දුවාරය යැවූ Tushar Deshpandeගෙන් නැවතත් ලකුණු 13ක් ලබා ගැනීමට Punjab Kings පිතිකරුවන් සමත් වුයේ අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් ඉතිරි කරගනිමිනි. එම පන්දුවාරය විශිෂ්ට අයුරින් මතිෂ පතිරණ යොමු කල නමුත් අවසන් පන්දුවට අවශ්‍ය වූ ලකුණු 3 දිව ගොස් ලබා ගැනීම හේතුවෙන් Punjab Kings කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුනා.

කෙසේ එනමුත් විශිෂ්ට අයුරින් සිය පන්දු වාර 4 යොමු කල මතිෂ පතිරණගේ පන්දු යැවීම නායක MS Dhoni ද අගය කරනු ලැබුවේ “මතීශගේ පන්දු යැවීම ඉතා හොදයි” ලෙස මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
19
+1
3
+1
1
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7