Cricket NewsEXCLUSIVEWoman Cricket

ප්‍රභල පකිස්ථාන කාන්තා කණ්ඩායම එක් ලකුණකින් පරාජය කල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.!

මේ වන විට පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශයේදී පැවැති අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින් තියුණු ජයක් වාර්තා කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 26 ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී Nashra Sandhu ලකුණු 17 කට කඩුලු 3 ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 15 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනු ලනු අතර ඉන්දියාව සමග අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button