Cricket NewsEXCLUSIVE

විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම රාත්‍රී විදුලි ආලෝක ධාරා යටතේ පුහුණුවීම් අරඹයි – ලසිත් මාලිංගත් පුහුණු සැසියට එක් වෙයි.!

එළැඹෙන විස්සයි-20 ලෝක කුසලානය සදහා සහභාගි වෙන ශ්‍රි ලංකා සංචිතය සිව්දින නේවාසික පුහුණු කඳවුරක් සදහා මේ වන විට එක් ව සිටිනවා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි ඒ අනුව ඔවුන් පුහුණුව ලබන අතර මේ පුහුණු සැසිය සදහා ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද සම්බන්ධ වුවා.

එසේම මේ පුහුණු සැසිය සදහා යොදා ගන්නා පල්‍ලෙකැලේ ක්‍රීඩාංගණයේ තණතීරු ඕස්ට්‍රේලියානු තණතීරු වලට බෙහෙවින් සමාන වන ලෙස සකසා ඇති අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම පන්දු ‍රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම පුහුණු සැසියේදි විදුලි ආලෝක ධාරා යටතේ පන්දු රැකීමට විශේෂිත පුහුණු සැසියක් ද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවන ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්,

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button