Cricket NewsEXCLUSIVELegends Series

බංගලාදේශ Legends කණ්ඩායමට ලකුණු 70ක දැවැන්ත පරාජයක් අත් කළ TM ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා Legends කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගිය දා ඇරඹුන අතර මෙතෙක් තරඟාවලියේ අපරාජිතත්වය තවදුරටත් රැකගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම බංගලාදේශ කණ්ඩායම සමග අද පැවති තරඟයෙන් අන්ත පරාජයක් අත් කරදුන්නා.

ඒ අනුව සහබාගි වූ තරඟ සියල්ල ජයගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා. (එක් තරඟයක් ජය පරාජයකින් තොරව අවසන් වුවා.)

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 213 ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා Legends වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල නායක TM ඩිල්ෂාන් පන්දු 30කදී ලකුණු 51ක් රැස් කල අතර මහේල උඩවත්ත ලකුණු 43ක් සහ සනත් ජයසුරිය ලකුණු 37ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 214ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ Legends පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණයි

බංගලාදේශය වෙනුවෙන් Tushar Imran ලකුණු 52ක් රැස් කල අතර Abul Hasan ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී TM ඩිල්ශාන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුර්ව වටයේ ස්ථානය තහවුරු වූවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button