Cricket NewsEXCLUSIVE

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක “Bazzball” ක්‍රීඩා විලාසය මට්ටු කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක විශිෂ්ට ජයක් ලබයි.!

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්දින පෙරහුරු තරගයේදී එංගලන්ත ‘ලයන්ස්’ කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින් ‘බාස්බෝල්’ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ සඳහා මාවතක් වන නමුත් එහිදීම සිදුවන සියුම් අත්වැරදීමකදී කණ්ඩායම පරාජය කරා ඇදි යා හැකි බව ඔප්පු කර පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද සමත් වුනා.

තරගයේ තුන්වැනි දිනය වූ අද (27) ලකුණු 309 ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 50.4 කදී ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වුනා.

පළමු ඉනිමේදී ලකුණු 58 ක වාසියක් ලබා සිටියද, දෙවැනි ඉනිමේදීත් ප්‍රචණ්ඩකාරී පිතිහරඹය ම තෝරාගත් එංගලන්ත පිතිකරුවෝ පන්දුවාර 26.4 කදී ලකුණු 151 කට කඩුලු 8 ක් අහිමි කරගත්හ. එහෙත් ජැක් හේන්ස් (51) සහ ජොස් බොහානන් (50) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එක්කළ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 309 ක ඉලක්කයක් ලැබිණ.

ශ්‍රී ලංකා කණ්ඩයමේ දෙවැනි ඉනිමට විශිෂ්ට ආරම්භයක් දුන් ලසිත් කෘස්පුල්ලේගේ පන්දු 84 කින් ලකුණු 116 ක් ලබාගත්තේ අතර ඔහුගේ ලකුණු 116 න් ලකුණු 90 ක්ම හතරේ (15) සහ හයේ (5) පහර විය.

කෲස්පල්ලේ දුන් ආරම්භයෙන් අනගි ප්‍රයෝජන ගත් ජනිත් ලියනගේ සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 52) දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 73 ක් එක් කරමින් ජයග්‍රහණය පෙනෙන මානයට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ආ අතර එතැන් සිට පසුපස නොබැලූ දුෂාන් හේමන්ත, පන්දු 14 කින් ලකුණු 23 ක් ලබාගනිමින්, සූරියබණ්ඩාර හා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7