Cricket NewsEXCLUSIVEWoman Cricket

ඉනෝකා රණවීරගේ සුපිරි දස්කම් අපතේ යවමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියෙන් ඉවතට.!

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරග ඊයේ පැවතුනා. එහිදී ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම තමන්ගේ දෙවෙනි තරගයට නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කල අතර එයින් ලකුණු 45ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසිලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා.

නවසීලන්තය තමන්ගේ පලවෙනි ඉනිමට ලබා ගන්නේ ලකුණු 147යි. කඩුලු 7ක් දැවී යනවා.

නවසීලන්තය කියන්නේ කාන්තා ක්‍රිකට් ලෝකයේ ඉන්න හොදම ටීම් එකක්, එයාලා අපිට කලින් ක්‍රීඩා කරේ දකුණු අප්‍රිකාව එක්ක, හැබැයි දකුණු අප්‍රිකාවට ඒ තරගයේ නවසීලන්ත කඩුලු දෙකයි දවා ගන්න පුළුවන් වෙන්නේ, ඒ අතින් අපි පන්දු යැවීමෙන් දකුණු අප්‍රිකාවට වඩා හොදට කරනවා.

අවාසනාවකට අපේ පිතිකරනය අසාර්ථක වෙනවා. අපි පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 102යි ලබා ගත්තේ. අපේ ප්‍රහාරිකාව චමරි අතපත්තු ලකුණු අතර නැති වීම අපිට ලොකු පාඩුවක් වුනා.

කොහොම හරි අපේ කාන්තා ක්‍රිකට් වල අඩුවෙන්ම කතා වෙන අවතක්සේරු කරපු පන්දු යවන්නියක් ඉන්නවා.

ඒ තමයි ඉනෝකා රණවීර,

මේ තරගයෙත් එයා ලකුණු 30කට කඩුලු තුනක් දවා ගන්නවා.පෙර තරගයෙත් කඩුලු 3ක් දවා ගත්තා.

ඉනෝකා මේ වෙද්දි විස්සයි-20 ඉනිම් 53කදි කඩුලු 55ක් ලබාගෙන තියෙනවා. එක්දින ඉනිම් 64කදි කඩුලු 70ක් ලබාගෙන තියෙනවා.

ඉනෝකා රණවීර කියන්නේ අපේ කාන්තා ක්‍රිකට් වල චමරිලාගේ ශෂිකලාගේ සෙවණැලි වලින් වැසුනු අපේ කාන්තා ක්‍රිකට් වලට හැමදාමත් වගේ උපරිමයෙන්ම දෙන ක්‍රීඩිකාවක්.

කොහොම හරි අපේ කෙල්ලන්ට ක්‍රිකට් වලින් මෙවර පොදුරඳමඩුලු පිටියේ ජය කෙහෙළි නන්වන්න අවස්ථාව නැති වෙලා යනවා.

– Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button