Cricket NewsEXCLUSIVE

ලෝක ශුර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ප්‍රභල ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.!

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජුනි 07 වැනිදා සිට ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් දෙපළක් වන නුවනිඳු ප්‍රනාන්දු සහ මතීෂ පතිරණව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (01) පියවර ගෙන තිබේ.

නිමාවට පත් වුණු නැෂනල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ එක්දින තරග අංශයේ දක්ෂතම පිතිකරුවා වූ නුවනිදු ප්‍රනාන්දු, මේ දිනවල නැගී එන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාතික සංචිතයට එක්වීමට අවස්ථාව උදා කර ගනිද්දී, මෙවර IPL තරඟාවලියේ CSK නියෝජනය කළ, අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන කාලයේ සිටම ලසිත් මාලිංගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවමින් දක්ෂතා දැක්වීමට සමත්වූ මතීෂ පතිරණද තේරීම් කමිටුමේ විශ්වාසය දිනාගෙන තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂවද යළි කැඳවීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු වර්තමාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශාරීරික යෝග්‍යතාවය අසමත්වීම හේතුවෙන් භානුක රාජපක්ෂට 2021 වසරේ සැප්තැම්බර් මසදී පැවැති දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගිවීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ දොරගුළු වැසිණ.

මේ අතර ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදි විස්සයි-20 තරගාවලියේ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ව මෙම තරග සංචාරයට ඇතුළත් කර නොමැති අතර කඩුලු රැකීමේ කාර්යය කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබේ.

දේශීය තරග පිටියට අමතරව ජාත්‍යන්තර තරග කීපයකදීම කුසල් කඩුලු රකින්නකු ලෙස කටයුතු කර තිබේ. මේ අතර දෙවැනි කඩුලු රකින්නාගේ වගකීම භානුක රාජපක්ෂට පැවැරී තිබේ.

ඊට අමතරව 2021 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන කණ්ඩායමට එක්වුවද ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේ කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවුණු තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංකටද යළි කණ්ඩායමට එක්වීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කිරීමට අමතරව මැද පෙලින් පැමිණ දැවැන්ත පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු කරා යෑමට ළහිරු එකසේ දක්ෂතා දක්වන්නෙකි.

මීට අමතරව ඉන්දීය තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින්ට අමතරව කසුන් රාජිත, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන්ට ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට ඒක්වීමේ අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම –

දසුන් ශානක (නායක),
පැතුම් නිස්සංක,
ධනුෂ්ක ගුණතිලක,
කුසල් මෙන්ඩිස්,
චරිත් අසලංක,
භානුක රාජපක්ෂ,
නුවනිඳු ප්‍රනාන්දු,
ළහිරු මදුශංක,
වනිඳු හසරංග,
චාමික කරුණාරත්න,
දුෂ්මන්ත චමීර,
කසුන් රජිත,
නුවන් තුෂාර,
මතීෂ පතිරණ,
රමේෂ් මෙන්ඩිස්,
මහීෂ් තීක්ෂණ,
ප්‍රවීන් ජයවික්‍රම,
ලක්ෂාන් සඳකැන්.

අතිරේක ක්‍රීඩකයින් –

ජෙෆ්රි වැන්ඩර්සි,
නිරෝෂන් දික්වැල්ල.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button