Cricket NewsEXCLUSIVE

“ටෙස්ට් තරග රටාවේ හොද “නමක් තියාගෙන ක්‍රිකට් අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා ! මගේ මුල්ම ඉලක්කය තමයි ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කරන එක ” දිමුත් කරුණාරත්න !

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉදිරිය පිළිබඳව මෙලෙස අවධාරණය කර සිටියා.

” බලාපොරොත්තු වෙනවා ලකුණු 1000ක් ලබාගෙන මේ වසරෙත් ලෝකයේ හොදම ටෙස්ට් 11 දෙනා අතරට තේරෙන්න. මගේ මුල්ම ඉලක්කය තිබෙන්නේ, ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කිරීම තමයි. ඒ වෙනකොට ලකුණු 10,000කට ලං වෙලා තිබ්බොත්, ඒ ඉලක්කයට යන්නත් උපරිම උත්සහ කරනවා. දැන් ලකුණු 7000කට ගොඩක් ලං වෙලා තියෙන්නේ, තව 3000ක් තියෙනවා. තව අවුරුදු 2/3ක් යද්දි, ඒකත් කරගන්න පුලූවන් වෙයි කියලා මම හිතනවා. ටෙස්ට් තරග රටාවේ හොද නමක් තියාගෙන අවසන් කරන එක තමයි බලාපොරොත්තුව…”

යනුවෙන් මාධ්‍ය වෙත ඔහු කියා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button