Cricket NewsEXCLUSIVE

වැඩිම වාර ගණනක් විස්සයි-20 ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් ඉවතට.!

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයේ අවසාන දිනය අදයි. Group B ඛාණ්ඩයේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර එම තරඟ ද්විත්වයේම ජයග්‍රයකයන් පමණක් ලෝක කුසලාන සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

අතිශය තීරණාත්මක අද දිනයේ පළමු තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම ලැබූ පරාජයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගිය අතර දෙවරක් විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ, විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙසින් හැඳින්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියක සුපිරි 12 තරඟ වටයට සුදුසුකම් නොලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button