Cricket NewsEXCLUSIVE

A කාණ්ඩයේ ප්‍රථමයා ලෙස ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසෙද්දී, සුපිරි 12 තරඟ වටයේ අනෙක් රටවල් මුහුණට මුහුණ හමු වන්නේ මෙහෙමයි.!

නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද සවස පැවැති තරගයේදී UAE ලබාගත් ජයග්‍රහණය හේතුවෙන් නැමීබියාවේ දළ ලකුණු වේගය 0.730 ක් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.

ඒ අනුව ප්‍රසාද ලකුණු පුවරුවේදී A කාණ්ඩයෙන් පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව, සුපිරි 12 දෙනාගේ වටයේදී 1 වැනි කාණ්ඩයටත්, ඒ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් නෙදර්ලන්තය, 12 දෙනාගේ වටයේදී 2 වැනි කාණ්ඩයටත් ඇතුළත් වුවා.

සුදුසුකම් තේරීමේ තරගාවලියේ B කාණ්ඩයේ තරග දෙකක් හෙට (21) පැවැත්වීම නියමිතය. එම තරග දෙකේ ප්‍රතිඵල අනුව B කාණ්ඩයේ ශූරයන් සහ අනුශූරයන් තීරණය වනු ඇත.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ කණ්ඩායම් බෙදී ඇති ආකාරය

1 වැනි කාණ්ඩය

ඇෆ්ඝනිස්ථානය
ඕස්ටේ්‍රලියාව
එංගලන්තය
නවසීලන්තය
ශ්‍රී ලංකාව
B කාණ්ඩයේ අනුශූරයෝ

2 වැනි කාණ්ඩය

බංග්ලාදේශය
ඉන්දියාව
පාකිස්තානය
දකුණු අප්‍රිකාව
නෙදර්ලන්තය
B කාණ්ඩයේ ශූරයෝ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button