EXCLUSIVETrending Article

තමන් නැවත, පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව ක්‍රිකට් ලෝකයටම සංඥා කරන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම.!

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සුවහසක් ක්‍රිකට් රසිකයන්ට තිබෙන්නේ එතරම් පැහැදිලි අදහසක් නොවේ.

සිම්බාබ්වේ කණ්ඩායමට පසුගිය කාලයේ පාවහන් සඳහා අනුග්‍රහයකත්වයක් හෝ සොයා ගැනීමට නොහැකි වූ අතර අබලන් වූ පාවහන් නැවත සකස් කර ක්‍රිඩා කරනු ලැබු ඔවුන් පිළිබඳ සැලවූ Puma සමාගම නොමිලේම සියලුම ක්‍රිඩකයන්ට අවශ්‍ය පාවහන් සපයනු ලැබුවා.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට සිදු වූ අනවශ්‍ය දේශපාලන අතපෙවීම් හේතුවෙන් ඔවුන්ගේ ක්‍රිකට් කාලයකට තහනම් කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් අතර එම තහනමෙන් මිදී මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම නැවත නැගිටිමින් සිටිනවා.

එය සමාන කළ හැකි මෑත කාලීන ක්‍රිකට් සිදු වීම නම් 2015 වසරෙන් පසු කඩා වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයත් තරුණ ක්‍රිඩකයන් රැසකගේ දායකත්වයත් සමග නැවත පිබිදීමයි.

එමෙන්ම මෙම වසර මුල ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරගයකින් ශ්‍රී ලංකාවද පරාජය කිරීමට සමත් වූවා. (කෙසේ නමුක් ශ්‍රී ලංකාව තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණයක් කළා)

මේ පෙරළිකාර සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය දා බංගලාදේශ විස්සයි-20 කණ්ඩායම 2-1ක් ලෙස පරාජයට පත් කරමින් ඔවුන්ට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ Sikandar Raza ගේ සුපිරි පිතිකරණයත් සමඟයි.

එම වාර්තාගත තරඟාවලි ජයග්‍රහණයෙන් අනතුරුව බංගලදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ සිම්බාබ්බේ වැනි කණ්ඩායමක් ඉදිරියේ ලැබූ මෙම පරාජය පිළිබඳව ඔවුන් ලැජ්ජා වන බවත් ඔවුන්ට වඩා බංග්ලාදේශය දක්ෂ කණ්ඩායමක් බවත්ය.

කෙසේ නමුත් බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂවරයාගේ කතාවට නැවතත් පිත්තෙන් පිළිතුරු දුන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 304ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එමෙන්ම සැලකිය යුතු කාරණාව වන්නේ එක්දින ක්‍රිකට් පිටියේ බංග්ලාදේශය තරමක ප්‍රබල කණ්ඩායමක් බව අප අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. නමුත් එම කණ්ඩායම පවා පරාජයට පත්කරමිනි.

විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා 1-0ක් ලෙස තරගාවලිය පෙරමුණ ගැනීමට ද මෙම නැවත පිබිදෙන සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූයේ ක්‍රිකට් ලෝකයටම තමන් නැවත නැගිටින බව සංඥාවක් ලබා දෙමිනි.

ලකුණු 304ක් දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යන අවස්ථාවක ලකුණු 62කට කඩුලු 3ක් දැවී ගොස් සිම්බාබ්වේ කණ්ඩායම දැඩි අසීරු අවස්ථාවක පසු වූ මොහොතක පිටියේ එක්වූ Innocent Kaia සහ Sikandar Raza ප්‍රබල බංගලදේශ පන්දු බලඇණියට එරෙහිව ක්‍රීඩාංගනය අතික්‍රමණය කරමින් ලකුණු 192ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමට සමත් වූවා.

විශිෂ්ට පිතිකරණයක නිරතව Sikandar Raza පන්දු 109ක් තුළ දැවැන්ත හයේ පාරවල් 6ක් සහ හතරේ පහරවල් 8ක් සමග වේගවත් ලකුණු 135 ක් රැස් කිරීමට සමත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී සීමාවට රැගෙන යමිනි.

ඊට අනගි සහයක් දුන් Innocent Kaia ලකුණු 110ක් රැස් කරමින් සිය ප්‍රථම ශතක රැස් කිරීමට සමත් වුණා.

මේ සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රිකට් ලෝකයටම දෙණ පණිවිඩය නම් තමන් නැවත පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බවයි.

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති මෙම පළමු එක්දින තරගයේ විශේෂ දර්ශන ඇතුලත් Highlight වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7