Cricket NewsEXCLUSIVEInternational

Sikandar Raza සහ Innocent Kaiaගේ සුපිරි පිතිකරණය හේතුවෙන් ලකුණු 304ක දැවැන්ත ඉලක්කය ජය ගත් සිම්බාබ්වේ කණ්ඩායම බංගලාදේශයට තවත් පරාජයක් උරුම කරයි.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ සංචාරයේ විස්සයි-20 තරඟාවලිය පසුගිය දා නිමාව දුටුවේ 2-1ක් ලෙස තරඟාවලියජයග්‍රහණය කල අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය අද ආරම්භ වුවා.

එක්දින තරඟාවලිය ආරම්භ කරමින් අද පැවති පළමු තරඟයෙන් බංගලාදේශයට කඩුලු 5ක අවමන් සහගත පරාජයක් උරුම කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එම අභියෝගය සාර්ථකව භාරගත් බංගලාදේශය ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 303ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

බංගලාදේශ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Litton Das ලකුණු 81ක් වාර්තා කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 9ක් එල්ල කරමිනි. ඊට අනගි සහයක් දුන් Anamul Haque ලකුණු 72ක් රැස් කලා. නායක Tamim Iqbal ලකුණු 62යි.

පන්දු යැවීමේදී Sikandar Raza සහ Victor Nyauchi එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුවා.

ඒ අනුව ලකුණු 304ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 48.2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 307ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Sikandar Raza පන්දු 109ක් තුල නොදැවී වෙගවත් ලකුණු 135ක් රැස් කල අතර Innocent Kaia ලකුණු 110ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mustafizur Rahman, Shoriful Islam, Mehidy Hasan සහ Mosaddek Hossain එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සම්මනය හිමිවුයේ සිම්බාබ්වේ කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගිය Sikandar Raza හටයි. ඒ අනුව එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button