Cricket NewsEXCLUSIVEMatch Review

සිකන්දර් රාසාගේ සුපිරි පිතිකරණය හේතුවෙන් අයර්ලන්තය පරාජය කළ සිම්බාබ්වේ කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ඊයේ ආරම්භ වූවා.

එම තරඟ වටයේ සිව්වන තරඟය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 31කක විශිෂ්ට ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා සිම්බාබ්ව කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත් වුණා. මෙය ඉතිහාස ගත වුයේ සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි-20 තරඟයක රැස් කරන ලද ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Sikandar Raza පන්දු 48කදී වේගවත් ලකුණු 82ක් වාර්තා කිරීමට සමත් වුනා.

Wesley Madhevere ලකුණු 22ක් රැස් කළ අතර Luke Jongwe ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Joshua Little කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 175ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණයි

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Curtis Campher ලකුණු 27ක් රැස් කල අතර Gareth Delany ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Blessing Muzarabani කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7