Cricket NewsEXCLUSIVE

“අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේදී 100% කටත් වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” – චාමික කරුණාරත්න

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන කඩ ඉම් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව හෙට (18) මෙල්බර්න්හි ජීලොංග් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් නැමීබියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 55 කින් අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමත් සමඟ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව මෙන්ම නෙදර්ලන්තයට එරෙහිව ලබන 20 වැනිදා පැවැත්වෙන තරගද ජය ගැනීම ඉතා වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා අතර තරගයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නෙදර්ලන්තයට එරෙහිව තරගයට ක්‍රීඩා කළද එම තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබීය. කෙසේ වෙතත් එම තරගය අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුව දක්වා රැගෙන යෑමට අරාබි ක්‍රීඩකයෝ සමත්වූහ.

කෙසේ වෙතත් හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් කරුණු විමසීමේදී හෙට තරගයේදී සිය කණ්ඩායම සිය උපරිමයම ලබාදීමට සූදානමින් සිටින බවයි.

“ඔබ දැක්කා ඊයේ තරගය කොහොමද ගියේ කියලා. අපි ඒක පැරදුණා. ඒ නිසා අපිට හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරගය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොහොම හරි අපිට ඊළඟ මැච් දෙකම දිනන්නම වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේදී සියයට 100 කට වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

“අපි බලන්නේ අපි සතුව ඉන්න ක්‍රීඩකයින් ගැන. මේ වන තෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් හතරම හොදින් ක්‍රීඩා කළා. එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්තය අතර ඊයේ තිබුණු තරගයත් අවසන් පන්දුවේදී අවසන් වුණේ. අපි දන්නේ නෑ මොකක් වෙයිද කියලා. මෙම ක්‍රීඩාව හැම විටම ‌වෙනස්ම දේවල් වන ක්‍රීඩාවක්. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. අපි බලමු” යැයි චාමික සඳහන් කර සිටියේය.

“අපි තියෙන්නේ නරක දවසක් විතරයි. නැමීබියාව ඊයේ පන්දුවට පහර දීමෙන්, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම හොඳින් ක්‍රීඩා කළ බව අප පිළිගත යුතුයි. ඒ වගේම ඒ තරගයේදී අපේ අතින් සිදුවුණු සියලු අතපසුවීම් සියල්ල හෙට තරගයට පෙර හදාගෙන තරගයට අවතීර්ණ විය යුතුයි” යනුවෙන් පවසන චාමික, “ඒ නිසාම අපි හෙට තරගය වැඩි අවදානයක් යොමු කරමින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි සියලුම තරග ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත්විය. මේ තත්ත්වය ශ්‍රී ලංකාව සහභාගිවුණු නැමීබියානු තරගයකට සමාන පෙරනිමිත්තක්ද යන්න පිළිබඳව කරන ලද විමසීමේදී “ඒ විදියටම හිතන්නේ නැහැ. මොකද දැන් ආසියානු කුසලාන තරගාවලිය ඉවරයි. එය ඉතිහාසයට එකතු වෙලා. දැන් අපි ලෝක කුසලානය ගැන සිතිය යුතුයි යැයි සඳහන් කර සිටියා.

“එතැනදි වෙනස්ම ස්ථාන වෙනත්ම තත්ත්වයන් සහ වෙනස්ම කණ්ඩායම් සමඟ අපිට තරග කිරීමට සිදුවෙනවා”

“ක්‍රීඩාංගණත් ගොඩක් වෙනස්. එක පැත්තක් මීටර 57 යි. තව පැත්තක් මීටර 55 යි. කෙළින් දුරටයි. ගොඩක් දේවල් වෙනස්. ඒ නිසා අපි සැලසුම් කරන්න ඔ්න අපේ ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා” යැයි චාමික සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button