Cricket NewsEXCLUSIVE

“අඩුපාඩු හදාගෙන මම ඉක්මනින්ම නැවත කණ්ඩායමට එනවා” – ලසිත් ඇඹුල්දෙණිය

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මෑත.කාලිනව හමු වූ සුපිරි දඟ පන්දු යවන්නකු ලෙස ලසිත් ඇඹුල්දෙණිය හැඳින්විය හැක.

කෙසේ නමුත් පසුගිය තරඟ කිහිපයේ සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපහසු වූ ලසිත් ඇඹුල්දෙණියට කෙටි විවේක කාලයක් ලබා දෙමින් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකා සංචිතයට පැමිණෙන්නෙ ඒ අනුවයි. කෙසේ නමුත් දෙරණ Sports Club වැඩසටහන මගින් ලසිත් ඇඹුල්දෙණිය සමග විශේෂ වැඩසටහනක් පවත්වා තිබෙන අතර එහිදී සිය ඉදිරි සැලසුම් ගැන ලසිත් ඇඹුල්දෙණිය අදහස් පළ කර ති⁣බෙනවා.

“මගේ ටෙක්නික් වල පොඩි පොඩි අඩුපාඩු වගයක් තියෙනවා. මම නොදැනුවත්වම මගේ පොඩි පොඩි ටෙක්නික්වල වෙනස්කම් කිහිපයක් වෙලා තියෙනවා, ඒකත් බලපාන්න ඇති මේ අසාර්ථක වීමට.

ඕනෑම ක්‍රීඩකයෙක්ට මේ වගේ කාලයක් එනවා, අවුට් ඔෆ් ෆෝම් යන. ඒක මට මෙච්චර කලින් ආව එක හොදයි, මොකද මට තව කාලයක් තියෙනවා ඒක හදාගන්න. මම හිතනවා ආයෙත් මුල ඉදන් මූලිකම දේවල් ඉදන් පටන්ගෙන ආයෙත් දක්ෂතා දක්වලා උඩට එන්න. රංගන අයියත් මට කිව්වා, මෙහෙම මෙහෙම පොඩි දේවල් ටිකක් තියෙනවා, ඒ ගැන බලන්න කියලා. මම එලියට යද්දි කණ්ඩායමේ හිටපු ප්‍රධානතම පන්දුයවන්නනේ, මම දැන් එළියට ගිහිල්ලා ආපහු එද්දි ඊට වඩා හොද දෙයක් කරලා එතනට එන්න ඕන.”

ලසිත් ඇඹුල්දෙණිය සහබාගි වවු Sports Club විශේෂ වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7