EXCLUSIVETrending Article

“මේක තමයි අවුරුදු 6ක් තිස්සෙ උඹලා අපි හොයපු අපේ ක්‍රිකට් එක මචං” – ක්‍රිකට් රසිකයකු තැබූ අපුරු සටහන.!

වෙනදා එක්කෙනෙක් දෙන්නෙක් මත්තේ යැපුණු අපේ අය අද අත උස්සලා ටීම් එක වෙනුවෙන් දෙයක් කරන්න පටන් අරන් තියෙනවා.

වෙනදා එක්කෙනෙක් දෙන්නෙක් ලකුණු ගහනකල් බලන් හිටපු අපි අද කවුරු හරි ඇවිත් මැච් එක දිනවනකල් බලන් ඉන්නවා.
වෙනදා අපේ එකෙක් ආබාධ වුනාම මැච් එක අත හැරපු අපි අද ” අවුලක් නැ.. ඒ වෙනුවට මෙයානේ එන්නේ. එයා හොදට කරයි ” කියලා බලාගෙන ඉන්නවා.

කාලෙකට පස්සේ කන්ඩායම ඇතුලෙත් කන්ඩායමෙන් පිටත් එකමුතුකමෙන් පිරුණු දිනන්න ඕනි කියලා හැගීමක් තියෙන හොද ශක්තිමත් ක්‍රීඩකයින්ගෙන් පිරි සංචිතයක් එකට එකතු කරන්න අපේ තේරිම් කමිටුවට පුළුවන් වෙලා තියෙනවා.

අන්න ඒ නිසාම හැමෝම පරදියි කියලා හිතපු මැච් කනපිට පෙරලලා දිනන්න අද අපේ කොල්ලොන්ට හැකි වෙලා තියෙනවා.
අවුරුදු ගානක් වසන්තය හොයපු අපිට අන්තිමට වසන්තය හොයලා හෙම්බත් වුනා.

හැබැයි පමා වී හෝ අන්තිමට වසන්තය අපේ ක්‍රිකට් වලටත් නැවත ඇවිත් කියන්න වර්තමානයේ මේ ක්‍රීඩකයින් දෙන සටන්කාමීත්වය හොදටම ප්‍රමාණවත්,

මොකද මේක තමයි කාලයක් තිස්සේ අපිට නැති වෙලා තිබුනේ, ඉතිං මේ සටන්කාමීත්වය නිසාම ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හඹාගොස් ජයග්‍රහණය කල ඉහලම හඹායාම සාර්ථකව කරන්නට අපේ අයට පුළුවන් වෙනවා.

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඕනෑම කන්ඩායමකට එරෙහිව ශ්‍රි ලංකා කන්ඩායම හඹාගොස් ජයග්‍රහණය කල හොදම එක්දින හඹායාම තමයි මේ..

ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවෙනි කඩුල්ලට ශ්‍රි ලංකා පිතිකරුවන් දෙපලක් දියත් කල හොදම සම්බන්ධතාවය දියත් කරන්න කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක (170*) සමත් වෙනවා.

ඒ වගේම ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රි ලංකා පිතිකරුවෙක් ඉනිමක රැස් කරපු ඉහලම ලකුණු සංඛ්‍යාව රැස් කරන්න පැතුම් නිස්සංක සමත් වෙනවා. ඒ ලකුණු 137ක්… මීට කලින් ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ගහපු ඉනිමකට තිබුනේ 2002දී සනා ගහපු ඒ ලකුණු 122. හැබැයි දැන් ඒක කැඩුනා

ඒ වගේම තමයි මේ අවුරුදු 20කට පස්සේ ශ්‍රි ලංකා කන්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට එක්දින තරග දෙකක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා.

මේක තමයි උඹ අපි හොයපු අපේ ක්‍රිකට් එක මචං..

– Rishie Bro තැබූ සටහනක් ඇසුරුණි. ඔහුගේ Facebook පිටුවට පිවිසීමට Click කරන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button