Cricket NewsEXCLUSIVE

ආබාධ තත්වය සුව අතට – ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට පැවැත්වෙන සිව්වන එක්‌දින තරගය සදහා කුසල් මෙන්ඩිස්ගෙ ස්ථානය තහවුරුයි.!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ මේ වනවිට තරග 3ක් අවසන් වී ඇති අතර එහිදී 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පෙරමුණ ගෙන සිටිනවා.

ඒ ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟයි.

ඊයේ තරඟයේ දී පැතුම් නිස්සංක සමගින් එක්වී වාර්තාගත ලකුණු 170ක නොබිඳුණු සබඳතාවක් පිහිටවූ කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 87ක් රැස්කරගෙන සිටියදී ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුවා.

කෙසේ නමුත් පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ගොඩනැගූ එම ජයග්‍රාහී අත්තිවාරම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් විසි වසරකට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පිට පිටම එක්දින තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වන තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඊයේ තරඟයේ දී පාදයේ ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් ගේ ආබාධ තත්ත්වය සුව අතට හැරී ඇති අතර ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන සිව්වන එක්දින තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වය මේ වන විට ස්ථිර වී තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය තෙවන තරගයේදී ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලකගේ තත්ත්වය තවමත් නිශ්චිත නොමැතිකම හේතුවෙන් හෙට පැවැත්වෙන සිව්වන එක්දින තරගයට ඔහුගේ ස්ථානය තවමත් අවිනිශ්චිත තත්ත්වයක් ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට තරඟයට ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකළහොත් නිරෝෂන් දික්වැල්ල ඔහුගේ ස්ථානයේ ක්‍රිඩා කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button