Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කරනු ඇත, සුප්‍රසිද්ධ නාගින් නැටුම නැරඹීමට ඉඩ නොදීම ගැන කණගාටුයි” – ශ්‍රී ලංකාවට සුභ පතමින් Amit Mishra බංගලාදේශයට දැමු උපහාසය.!

ඊයේ ආසියානු කුසලාන තරඟාවලියේ B ඛාණ්ඩයට යටතේ තරඟ වැදුණු බංග්ලාදේශ කණ්ඩායමට මෙවර නිදහස් කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ උදම් ඇණූ බංග්ලාදේශ කණ්ඩායම තරඟයට පෙර සිටම ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරුවට ලක් කරමින් සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කර තිබුණි.දෙපිලම සමාජ මාධ්‍ය තුල උණුසුම් ආකාරයෙන් සිදු කල වචන හුවමාරු කරගැනීමත් සමඟින් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟය සීතල යුද්ධයක් නිර්මාණය වීය.

2018 නිදහස් කුසලානයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම උරෙනුර ගැටීම ආසියාව තුල නිර්මාණය කරන්නේ ඉන්දු පකිස්තානු ගැටුමට නොදෙවෙනි උද්වේකර හැඟීමක්.කෙසේ නමුත් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශ පරාජය වීමත් සමඟ බොහෝ ක්‍රිකට් තරු විවිධ අදහස් පළකරමින් සිටියේය.

ඒ අතරින් වඩාත් හාස්‍ය ජනක අන්දමින් තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය දඟ පන්දු යවන්නෙකු වන අමිත් මිශ්‍රා සඳහන් කලේ ” අපට සුප්‍රසිද්ධ නාගින් නැටුම නැරඹීමට ඉඩ නොදීම ගැන කණගාටුයි ” යනුවෙනි.

“මොනතරම් රංගනයක් ද . මෙම ජයග්‍රහණය ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කරනු ඇත. තරුණ කණ්ඩායමක් ඉතා සංවේදීව පන්දුවට පහර දීම ගැන ඇත්තෙන්ම සතුටුයි, නමුත් අපට සුප්‍රසිද්ධ නාගින් නැටුම නැරඹීමට ඉඩ නොදීම ගැන කණගාටුයි ” යනුවෙන් අමිත් මිශ්‍රා එහිදී සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button