Cricket NewsEXCLUSIVE

වසරක් තුල අවසන් මහා තරඟ 3 කදී ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාව හඬවයි !

වසරක පමණ කාලයක් තුලදී අයිසීසී ඉසව් තුනක අවසන් මහා තරඟ තුනක ප්‍රතිමල්ලවයන් වන්නට ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් සමත් වූ අතර එහි ආසන්නතම සිදුවීම වූයේ ඊයේ දේදුණු දේශයේදීය.

ටෙස්ට් ලෝක ශූරථා අවසන් මහා තරඟයත් සමඟින් ඉන්දු – ඔස්ට්‍රේලියානු අවසන් මහා තරඟ ගැටුම ලෝඩ්ස් හිදී ඇරඹුණි.කෙසේ නමුත් අවසන් මහා තරඟය තුලදී යලිත් අසාර්ථක වූ ඉන්දීය කණ්ඩායම පරදා ඔස්ට්‍රේලියානුවන් වත්මන් ටෙස්ට් ලෝක ශූරථාවලියේ ආධිපත්‍ය දැරීය.

වසර 22 ක සිට ලෝක කුසලානයක පහස විඳින්නට ඉන්දියාව බලා සිටින අතර එම බලාපොරොත්තුව යථාර්ථයක් වීමේ ලකුණු පහළ කරමින් අපරාජිතව 2023 එක්දින ලෝක කුසලන අවසන් මහා තරඟය කරා ඉන්දියාව පැමිණිය මුත් ඔස්ට්‍රේලියානුවන් හමුවේ ඉන්දීය කණ්ඩායමට හිස් අතින් ගෙදර යන්නට විය.

ඊයේ යොවුන් ඉන්දීය ක්‍රීඩකයින් හා ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයින් 2024 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරඟය සඳහා පිවිසි අතර ඉන් ලකුණු 79 ක ජයක් ලබන්නට ඔස්ට්‍රේලියානුවන් සමත්වූයේ වසරක කාලයක් තුලදී තුන්වැනි වරටත් ඉන්දියානුවන් හඬවමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
1
+1
35
+1
2
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button