Cricket NewsEXCLUSIVE

තිසර පෙරේරා සිය ජිවිත කාලය තුල දුටු හොඳම විස්සයි-20 කණ්ඩායම නම් කරයි – ලසිත් මාලිංග ඉන් ඉවතට.!

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මීට මාස කිහිපයකට පෙරාතුව ඉවත් වූ ශ්‍රී ලංකාව බිහිකල සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකුද වන තිසර පෙරේරා news9 වෙබ් අඩවිය සමඟින් සම්මුඛ්‍ සාකච්ඡාවකට එක් විය .

ජාත්‍යන්තර තරඟ තුලින් සමුගත්තද ලීග් තරඟාවලි තුල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට තිසර පෙරේරා පත් විය.නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීගයේදී මෙන්ම මේ දින වල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේදීද සුපිරි දස්කම් අතරට පිවිසෙන්නට තිසර හට අවකාශය ලැබුණි.

News9 සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ තිසර මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීගයේදී තමන් ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කර සිටියේය.කෙසේ නමුත් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන තිසරගේ මූලික වටිකම ඉන්දීය රුපියල් ලක්ෂ 50 කි.

තවදුරටත් එහිදී අදහස් දක්වමින් තිසර කියා සිටියේ ,

“IPL තරඟාවලියට මාව තෝරා ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී හොඳින් දස්කම් දැක්වුවා වගේම දැන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේදීත් හොඳින් ක්‍රීඩා කරනවා.” යනුවෙන් තිසර සදහන් කළා.

“මගේ හැඟීම නම්, මම කණ්ඩායමක් සොයා ගනීවි කියලයි (අයි.පී.එල් තරගාවලියේදී), නමුත් එය හරියටම කියන්න බෑ. ඒක මගේ පාලනයේ නැති නිසා මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මට කරන්න පුළුවන් එකම දේ බලාපොරොත්තුවෙන් සිටීමයි”

එහිදී මාධ්‍යවේදියා විමසූ විට තිසර පෙරේරා සිය හොඳම සර්වකාලීන විස්සයි විස්ස කණ්ඩායමද නම් කරනු ලැබුවේය.තිසර විසින් ඉන්දීය ක්‍රීඩකයන් සිව්දෙනෙක් , කොදෙව්,දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් එක් කල අතර ඇෆ්ගනිස්තානය නියෝජනය කරන ක්‍රීඩකයෙකුද එක් කරගනිමින් සංයුතිය නිර්මාණය කර තිබුණි.

කෙසේනමුත් එම කණ්ඩායමට එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ නම් කරන්නට තිසර තීරණය කර නොතිබුණි.එහි නායකත්වයට හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි ඔහු යෝජනා කර තිබුණි.

ඒ අනුව තිසර නම් කල සිය හොඳම සර්වකාලීන විස්සයි විස්ස කණ්ඩායම

ක්‍රිස් ගේල්
රෝහිත් ශර්මා
විරාත් කෝලි
ඒබි ඩි විලියර්ස්
ඩේවිඩ් මිලර්
මහේන්ද්‍ර සිං දෝනි (නායක)
රශීඩ් කාන්
සුනිල් නාරීන්
ජැස්ප්‍රිත් බුම්රා
මිචෙල් ස්ටාක්
ශෝන් ටේට්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7