Cricket NewsEXCLUSIVE

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙයි – වේග පන්දු යවන්නන් පුහුණු කිරීම අරඹයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරඟාවලිය යෙදී ඇත්තේ මේ වනවිට විස්සයි-20 ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟයි.

ඒ වෙනුවෙන් නම් වූ ශ්‍රී ලංකා සංචිතය පසු ගිය දා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර මේ වන විට පුහුණුවීම් ද ආරම්භ කර තිබෙනවා.

තරග 5කින් සමන්විත මෙම තරගාවලිය රාත්‍රි තරඟ හතරකුත් දිවා තරග එකකුත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ඔස්ට්‍රේලියානු තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වී ඇත්තේ මෙම වසරේ පැවැත්වෙන 2022 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම හේතුවෙනුත් එම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කරන එකම තරග සංචාරය මෙම තරගාවලිය වීමත් හේතුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ පුරාවෘත්ත ගනයේ පන්දු යවන්නකු මෙන්ම,විස්සයි-20 ආකෘතියේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංගව මෙම ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා වේග පන්දු උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා පියවර ගත්තා.

ඒ අනුව සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග ⁣මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව තිබෙන අතර අද දිනයේ පැවති පුහුණු සැසියටද සහබාගී වුවා.

එම පුහුණු සැසියේ ජායාරූප කිහිපයක් පහතින්,

01

 

02

03

04

05

06

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7