Cricket NewsEXCLUSIVE

SRH පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින්, Mumbai කණ්ඩායමට මොහොතකට හෝ ජයග්‍රාහී බලපොරොත්තුවක් දුන් Tim Davidගේ ගිනිකෙළි සැනකෙළිය.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 65න තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 194ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 190ක් පමණයි

අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි Tim David සුපිරි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් Mumbai Indians ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සහයක් දැරූ අතර ඔහු පන්දු 18ක් තුල වෙගවත් ලකුණු 46ක් රැස් කලා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

කෙසේ නමුත් T. Natarajanගේ සුපිරි පන්දු රැකීම හමුවේ Tim David දුවද්දී දැවී ගියා.

Tim Davidගේ සුපිරි ඉනිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7