Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි-20 තරඟාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකාව ප්‍රභල සංචිතයක් නම් කරයි.!

එළඹෙන ජුනි 9 වනදා සිට දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(17) ප්‍රකාශයට පත් කෙරුණා.

දකුණු අප්‍රිකා සංචිතය ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් අතර ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් ප්‍රභල සංචිතයක් ඔවුන් නිවේදනය කර තිබෙනවා.

පසුගිය දා දකුණු අප්‍රිකාවේ පැවැති දේශීය විස්සයි-20 තරගාවලියේ දී පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දැක් වූ Tristan Stubbs පළමු වරට එරට ජාතික සංචිතයට කැඳවීමට දකුණු අප්‍රිකා තේරීම් කමිටුව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියට සහභාගී වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් ද යළි ජාතික සංචිතයට කැදවමින් ඉන්දියාවට එරෙහිව ප්‍රබල සංචිතයක් මෙම තරගාවලියට නම් කිරීමට දකුණු අප්‍රිකාව කටයුතු කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියා ද සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන බැවින් ඉන්දියාවට එරෙහි තරගාවලියට කැදවා තිබෙන අතර ඔහු අවසන් වරට දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලානය තරගාවලියේ දී යි.

ඉන්දියාවේදී එළඹෙන ජූනි 9 වනදා සිට 19 වනදා දක්වා මෙම තරඟ පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා සංචිතය පහතින්

Temba Bavuma, Quinton de Kock, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Tristan Stubbs, Rassie van der Dussen, Marco Jansen

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button