Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන ඉදිරිගමන තීරණය වන අතිශය තීරණාත්මක, ඇෆ්ගනිස්ථාන – බංගලාදේශ තරඟය අදයි.!

ඉකුත් 27 වැනිදා ආසියානු කුසලාන සමාරම්භක තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් අද පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් අද තරඟයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් එල්ල කරනු ඇත.

අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්තාන බංග්ලාදේශ තරඟයේදී යම් හෙයකින් ඇෆගනිස්තාන කණ්ඩායමට බංග්ලාදේශය පරාජය කිරීමට හැකිවුවහොත් ලබන පළමු වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟයේ ජයග්‍රාහකයා ඇෆ්ගනිස්තාන සමඟින් B ඛාණ්ඩයෙන් අවසන් පූර්ව වටයක් සඳහා පිවිසෙනු ඇත.

එසේ නොවුනහොත් යම් හෙයකින් අද තරඟය බංග්ලාදේශය ජය ගත හිත් අනිවාර්‍යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මීලඟ තරඟය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව විශාල ලකුණු පරතරයකින් ජයගැනීමට සිදුවනු ඇත. මේ වන විටත් NRR අගය ධන පහක අගයක රඳවාගෙන ඇති ඇෆ්ගනිස්තානයට අද තරඟය පරාජය වුවද අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළය.

ඒ හේතුවෙන් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක අතර යම් හෙයකින් බංග්ලාදේශය අද පරාජය වුවහොත් B ඛාණ්ඩයේ පළමු වටයේ අවසන් තරඟයේදී බංග්ලාදේශය කෙසේ හෝ පරාජය කිරීම ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයකට පිවිසීමට සෑහේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ NRR අගය -5 ක අගයක පැවතීම හේතුවෙන් අද තරඟයේදී ඇෆ්ගනිස්තානය පත්වුවහොත් මීලඟ තරඟය සාමාන්‍ය අන්දමකින් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රමාණවත් නොවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button