Cricket NewsEXCLUSIVET10 League

ලොව වේගවත්ම තරඟාවලිය වන T10 තරඟාවලියේත් සිංහ අණසක පැතිරවූ “වනිඳු හසරංග” හට තරඟාවලියේ වීරයා සම්මානය හිමිවෙයි.!

ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නියෝජනය කරන Deccan Gladiators කණ්ඩායම සහ Delhi Bulls කණ්ඩායම අතරයි.

එම තරඟයෙන් ලකුණු 56ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත්වුණා.

එමෙන්ම විශේෂත්වය වන්නේ මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වීමයි.

ඔහු මෙම මෙවර T10 තරඟාවලිය පුරාවට කඩුලු 21ක් බිඳ හෙලීමට සමත් ව තිබෙන අතර එය ඉතිහාසගත වන්නේ එක් T10 තරග වාරයක ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම තරඟාවලිය පුරාවට පිත්තෙන් ද තරඟ කිහිපයකදී දස්කම් දැක්වීමට සමත් වූ වනිදු හසරංගට මෙවර ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන Abu Dhabi T10 තරගාවලියේ Player of the Tournament සම්මානය හිමි වුණා.

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු හට ලොව වෙගවත්ම l තරඟාවලියේ Player of the Tournament සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි

Abu Dhabi T10 නිල ෆේස් බුක් පිටුවේ ඒ පිළිබඳව තැබූ සටහන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7