Cricket NewsEXCLUSIVE

Travis Head ඉතිහාසය අලුතින් ලියයි – ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟ ඉතිහාසයේ පළමු ශතකය Travis ගේ නමට !

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ පළමු ශතකය ඔස්ට්‍රේලියාවේ Travis Head ගෙන් !

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය අද එංගලන්තයේ ඕවල් හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා මුලින්ම පන්දුවට පහර දෙන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු මුල් පෙල කඩුලු තුන ලකුණු 76 ක් තුල බිඳ වැටුණු අතර ඉන් අනතුරුව පිටියේ එක්වූ හිටපු නායක ස්ටීව් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් සාර්ථක සබඳතාවයක් ගොඩනගමින් සිටින අතර ද්විත්ව ශතක සබඳතාවයක් කරා ඔවුන් දෙදෙනා ආසන්න වෙමින් සිටී.

කෙසේ නමුත් මෙවර ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ පළමු ශතකය මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියානු මැදපෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ්ගේ පිත්තෙන් වාර්ථා වූ අතර පන්දු 106 කින් ශතකය සම්පූර්ණ කිරීමට ඔහු සමත් වීමත් විශේෂත්වයක්

ට්‍රැවිස්ගේ ඉනිම හතරේ පහර 14 කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
4
+1
11
+1
6
+1
3
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button