Cricket NewsEXCLUSIVE

හෙටින් ඇරඹෙන සිංහ-කැන්ගරු තරඟ සංචාරයේදී සැබෑ ක්‍රිකට් රසිකයන්ට රට වෙනුවෙන් වගකීමක් – කුමන්ත්‍රණ සැළසුමක් එලියට.!

හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් අතර විස්සයි-20 තරඟාවලියෙන් මෙම තරඟ සංචාරය ඇරඹෙනවා.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දැඩි ආර්තික අර්බුදය සහ ඩොලර් හිඟයට මෙම තරඟ සංචාරය යම් සහනයක් ගෙන දෙන්නේ මෙම තරඟාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාවේ නැතිම “ඩොලර්” රටට පැමිණීම නිසයි.

මේ වන විට පවතින ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලාංකේය ජනතාව සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පවත්වන අතර ඇතැම් පිරිස් මෙය ක්‍රිඩාංගනය තුලටද රැගෙන ගොස් කලු පටි පැළද කලු කොඩි රැගෙන විරෝධතාවයක් දැක්වීමට සැලසුම් කරන බව මේ වන විට සමාජ මාධ්‍ය හරහා අනාවරණය වී තිබේ.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේ අපට වැදගත්ම මෙම තරඟ සංචාරයට කිසිසේත්ම විරෝධය පළ නොකරන ලෙසත් හැකි තරම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තුතිය පල කරන පුවරු රැගෙන යන ලෙසත්ය. මන්දයත් එළඹෙන ආසියානු කුසලානය ශ්‍රී ලංකවේ පැවැත්වෙනවාද නැත්ද යන්න තීරණය කෙරෙන්නෙ මෙම තරඟ සංචාරය හේතුවෙනි. යම් හෙයකින් එය ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට අහිමි වී යනු ඇත. එය සෘජුවම අත්‍යාවශ්‍ය බෙහෙත් ලබා ගැනිමට බලා සිටින ඔබේ සමීපතමයාට බලපානු ඇත.

ක්‍රිකට් රසිකයකු ඒ පිළිබඳව තැබු සටහනක් පහතින්,

“අරගල වෙනයි, ක්‍රිකට් වෙනයි. ලංකාවෙ මිනිස්සු ඉන්නෙ ප්‍රශ්න ගොඩක. එක තප්පරේකට හරි හිනාවක් ගෙන්න සතුටක් ගෙන්න පුලුවන් දෙයක් තමයි අපේ රටේ මිනිස්සුන්ට ක්‍රිකට් කියන්නෙ. ඒ වගේම ප්‍රශ්න වලට ප්‍රදාන විසදුම ඩොලර්. Cricket Tournament කියන්නෙත් ඩෝලර් ගේන්න පුලුවන් එක ක්‍රමක්. පින් සිද්ද වෙයි මැච් එකට අරගලේ ගාවගන්න එපා. ඒකෙන් වෙන්නෙ ICC එකෙන් ලංකාවෙ ආයමත් tournaments තියන්නෙ නැති එක. හරියට Russian Flight එකේදී උන සිද්දිය වගේ. මේක අවදානමක් ගන්න පුලුවන් වෙලාවක් නෙවෙයි අපි කාටත්, මේකෙන් තමයි ආසියානු කුසලානෙ තියන්න පුලුවන්ද බැරිද කියලා තීරනේ වෙන්නෙත්”

——————————–

ශ්‍රී ලාංකේය ගෞරවය සුරැකීම ඔබ අත බව හොඳින් මතකයේ තබාගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7