Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයෙන් සුපිරි අධි බලැති තණකොළ කපන යන්ත්‍ර දෙකක්.!

SSC ක්‍රීඩා සමාජය විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිබඳව අවධානය යොමු කරමින් අධි බලැති තණකොළ කපන යන්ත්‍රයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබුවා.

සුපිරි කාර්යය සාධනයකින් යුත් මෙම අධි බලැති තණකොළ කපන යන්ත්‍රය මෙරට ක්‍රීඩා පිටිවල භාවිතාවට ගැනෙන යන්ත්‍ර දෙකෙන් එකක්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රය භාර දීම SSC. ක්‍රීඩා පිටියේදී සිදුවුණු අතර එහිදී අදහස් දක්වා සිටි ලේකම් වරයා, නුදුරේදීම අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලටත් මෙම යන්ත්‍රය ලබා දීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය.

“අපි මෙරටට ගෙන්වපු අධි බලැති තණකොළ කපන යන්ත්‍ර දෙකෙන් එකක් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට පරිත්‍යාග කරා. ශ්‍රී ලංකාවේ පවත්වන ලබන ටෙස්ට් තරග වලදී එස්. එස්. සී. ක්‍රීඩා පිටිය ප්‍රමුඛම ක්‍රීඩාංගණයක්. ඒ නිසා අපි එහි පිටිය පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබුවා” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

SSC ක්‍රීඩා සමාජයේ සභාපති අයි. එස්. ද සිල්වා මහතා වෙත මෙම තණකොල කපන යන්ත්‍රය මොහාන් ද සිල්වා මහතා විසින් පිරිනැමුවේය.

මෙම අවස්ථාවට SSC ක්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත විජේසේකර මහතා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ජාතික ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුද සහභාගිවුහ.

අනෙක් තණකොල කපන යන්ත්‍රය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ලබා දීමට පියවර ගෙන තිබේ. මෙම පරිත්‍යාගය දේශීය ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙසින් සලකනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7