Cricket NewsEXCLUSIVEInternational

උගන්ඩාව, සිම්බාබ්වේ පරාජය 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනිමෙ තරගාවලියේ තෙවන ස්ථානයට පත්වේ.

ICC පිරිමි T20 ලෝක කුසලාන අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟයේදී තීරණාත්මක ලකුණු දෙකක් ලබා ගැනීමට උගන්ඩාව සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කළේය.

ඒ සමගම උගන්ඩාව ICC පිරිමි T20I කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 23 වන ස්ථානයට පත් විය. මේ සමඟින් උගන්ඩාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර ඔවුන්ට ඉහලින් නැමීබියාව සහ කෙන්යාව විසින් ඉදිරියෙන් සිටියි. තරගයේ සිටින එකම ටෙස්ට් ක්‍රීඩා කරන රට වන සිම්බාබ්වේ ප්‍රසාද ලකුණු 2ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවන අතර ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඔවුන්ට ඉතිරි තරග ජය ගැනීම අනිවාර්ය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
6
+1
7
+1
3
+1
3
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button