Cricket NewsEXCLUSIVEIPL

Umran Malik යොමු කළ මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව ලෙස සටහන් වූ පැ.කි.මි 157ක විදුලු වේගයෙන් යැවූ පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 50වන තරගය ලෙස Delhi Capitals සමග Sunrisers Hyderabad කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

මේ අතර Sunrisers Hyderabad කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Umran Malik තවත් IPL වාර්තාවක් අලුත් කිරීමට සමත් වුනා. ඒ ඔහු විසින්ම තබා තිබු මෙවර තරඟාවලියේ වේගවත්ම පන්දුවේ වාර්තාවයි. ඔහු අද දිනයේදී පැ.කි.මී 157ක වේගයෙන් යොමු කල පන්දුවත් සමගයි. එමෙන්ම එය ඉතිහාසගත වුයේ ඉන්දීය ප්‍රිමියර් ලිග් ඉතිහාසයේ පන්දු යවන්නකු යැවූ දෙවන වේගවත්ම පන්දුව ලෙසයි.

IPL ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම පන්දු

157.3 kmph – Shaun Tait
157.0 kmph – UMRAN MALIK *
156.2 kmph – Anrich Nortje
155.2 kmph – Anrich Nortje

කෙසේ නමුත් එම අවස්ථාවේ පිතිකරණයේ දී සිටි Rovman Powell එම පන්දුවට දර්ශනීය හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුනා.

එම අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7