Cricket NewsEXCLUSIVEIPLMatch Review

David Warnerගේ සහ Rovman Powellගේ සුපිරි පිතිකරණය හේතුවෙන් Sunrisers Hyderabad පැරදු Delhi Capitalsට ලකුණු 21ක ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 50වන තරගය ලෙස Delhi Capitals සමග Sunrisers Hyderabad කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී David Warner විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් පන්දු 58ක් තුල වේගවත් ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුනා.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Rovman Powell පන්දු 37ක් තුල ලකුණු 67ක් වාර්තා කිරීමට සමත් වුයේ David Warnerට සුපිරි සහයකයෙක් වෙමිනි. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Sean Abbott සහ Shreyas Gopal කඩුලු එක බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 208ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nicholas Pooran පන්දු 34ක් තුල වෙගවත් ලකුණු 62ක් රැස් කල අතර Aiden Markram ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Khaleel Ahmed කඩුලු 3ක් සහ Shardul Thakur කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button