Cricket NewsEXCLUSIVE

වනිඳු හසරංගගේ ලෝක වාර්ථාවක් නේපාල නායක සන්දීප් ලැමිචේන් විසින් බිඳ දමයි.!

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ වාර්ථාවක් බිඳ දමන්නට නේපාල ක්‍රීඩක සන්දීප් ලැමිචේන් සමත් වී තිබේ.වසරක් තුල වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නාගේ වාර්ථාව පසු ගිය වසරේදී අලුත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වූයේ කඩුලු 35 ක් දවාගනිමින්.

මේදින වල පැවැත්වෙන නේපාල කෙන්යා විස්සයි විස්ස තරඟාවලියේදී කඩුලු 12 ක් දවාගන්නට නේපාල කණ්ඩායම් නායක සන්දීප් ලැමිචේන් මේ වසරේදී කඩුලු 38 ක් සම්පූර්ණ කිරීමට සමත් විය.

නේපාල කණ්ඩායමට වැඩි වශයෙන් සීමිත පන්දුවාර තරඟ හිමි වන අතර ලැමිචේන් තරඟ 18 ක් පමණක් වැයකරමින් කඩුලු 38 ක් දවාගෙන තිබීම විශේෂත්වයක්.ඔහුගේ මේ වසරේ හොඳම පන්දුයැවීම කෙනයා කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ට කඩුලු 5 ක් බිඳ හෙලීම වාර්ථා අතරට එක්විය.

කෙසේ නමුත් හසරංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ එම වාර්ථාවේ නව හිමිකරුවා වන්නේ ලැමිචේන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7