Cricket NewsEXCLUSIVE

විරාට් කෝලි ආසියානු කුසලාන තරඟාවලියෙන් නැවතත් සුපුරුදු රිද්මයට – ශ්‍රී ලංකාව සමග තීරණාත්මක තරඟයටත් සුදානම්.!

ගෙවීගිය දශකයේ විශිෂ්ඨතමා වූ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි මේ ගෙවාදමන්නේ අතිශය තම වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාව තුල පිතිකරුවෙකුට ගෙවා දැමීමට අපහසුම සමයකි. 70 වන ජාත්‍යන්තර ශතකයෙන් පසුව වසර තුනකින් තමන්ගේ පිත්තෙන් ශතකයක් වාර්ථා නොවීම හා දිගින් දිගටම පෙර ලෙස ලකුණු අතරට පිවිසෙන්නට අපොහොසත් වීම සචින්ගේ ශතක සියයේ වාර්ථාව බිඳ දැමීමට හැකියාව ඇති බවට විචාරකයින් පවා මත පල කල ඉන්දීය විශේෂඥ පිතිකරුවාට එල්ල කලේ විශාල පීඩනයකි.

එම පීඩනය හේතුවෙන් පිටිය තුල පෙර පරිදි දස්කම් දැක්වීමට හා සුපුරුදු රිද්මය සොයාගැනීම ඔහුට තරමක් අසීරු කලේය.

නමුත් කෝලිගේ මානසික මට්ටම දිගින් දිගටම මේ සියල්ලට අභියෝග කලේය.තරඟාවලි කිහිපයක් ජාතික කණ්ඩායමෙන් ඉවතට විසිවූ විරාට් කෝලි හට යලිත් ආසියානු කුසලානයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු කාර්‍ය ඉටු කිරීමේ වගකීම පැවරිණි. විරාට් මෙවර ආසියානු කුසලානයට පිවිසෙන්නේ තම ආත්ම විශ්වාසය හා අත්දැකීම් මත සියල්ලම අභියෝගයට ලක් කරමිනි.

ඉන්දියාව මුහුණ දුන් පළමු තරඟයේදී ඉන්දීය මුල්පෙල පිතිකරුවන් පකිස්තානු පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වද්දී ඉන්දීය ඉණිමේ නැංගුරම වූ විරාට් කෝලි ලකුණු 35 ක් රැස් කලේය. පළමු වටයේ දෙවන තරඟයේදී විරාට් මෙවර තරඟාවලියේ ඔහුගේ පළමු අර්ධ ශතකය රැස් කලේ හොං-කොං කණ්ඩායමට එරෙහිව ලකුණු පන්දු 44 කදී ලකුණු 59 ක් රැස් කරමින්. ඉන් අනතුරුව ඊයේ පකිස්තානට එරෙහිව පන්දු 44 කින් ලකුණු 60 ක් රැස් කල ඔහු ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

මේ වන විට ඉනිම් 3 කදී ලකුණු 154 ක් තම නම ඉදිරියේ සටහන් කරගෙන ඇති ඔහු මෙවර ආසියානු කුසලානයේ වැඩිම ලකුණු ලාභියාද වනවා.ඊයේ රැස් කල අර්ධ ශතකයද සමගින් එදාමෙදා තුර විස්සයි විස්ස පිටියේ වැඩිම අර්ධ ශතක ගණනක් රැස් කල පිතිකරුවා බවටද කෝලි පත් වූයේ අර්ධ ශතක 32 ක් සමගින්

එමෙන්ම පකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරඟ තුලදී වැඩිම ලකුණු රැස් කල ඉන්දීය පිතිකරුවා බවටද ඔහු ඊයේ පත්විය.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟ තුලදී පිට පිට අර්ධ ශතක දෙකක් රැස් කල ප්‍රථම පිතිකරුවා බවට ද ඔහු ඊයේ පත්විය.එමෙන්ම අඛණ්ඩව වසර හතක් විස්සයි විස්ස පිටියේ වසරක් තුල ලකුණු 200 බැඟින් රැස් කල ප්‍රථම පිතිකරුවාද බවට ඔහු පත් විය.

බොහෝ විශේෂඥ විචාරකයින් පවසන්නේ විරාට් කෝලි හට නැවත ආගමනයක් සඳහා සුදුසුම තෝතැන්න මෙවර ආසියානු කුසලානය වනු ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7