Cricket NewsEXCLUSIVE

“අපි අපේ රට රැකගමු, පක්ෂ දේශපාලනය අමතක කරලා එකතුවෙමු” – වනිඳුගෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්.!

මේ වනවිට ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව දැඩි පීඩනයකට ලක් වී සිටිනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් එදි නෙදා භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල පවා මිල සිතාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය කපා හැරීම ද මේ දිනවල ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් විරෝධය පල කරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ තැනින් තැන බොහෝ උද්ඝෝෂණ පැවැත් වෙනවා.

මේ අතර ලෝකයේ දැවැන්තම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටින වනිදු හසරංග මේ පිළිබඳව විශේෂ සටහනක් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ සියලු පාට පක්ෂ අතහැර ශ්‍රී ලාංකිකයන් නැවත එක් විය යුතු බවයි.

වනිදු තැබු සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

අනේ අපි කොහොමද ශ්‍රේෂ්ඨ ජාතියක් වෙලා හිටපු තැනින් වැටිලා තියෙන්නේ

පක්ෂ දේශපාලනය අපේ සමගිය හා එකමුතුකම විනාශ කර තිබෙනවා. ශ්‍රී ලාංකීය සතුට හා සිනහව දැන් කඳුළු සහ දුක්ඛිත තත්ත්වයක් බවට පත් වෙලා.

අපි නැවත එක්විය යුතුයි. දේශපාලනය අමතක කරන්න. කැඩිලා ගිය රට ගොඩ නගන්න ජාතියක් විදියට එකතු වෙන්න.

අවදිවන්න ශ්‍රී ලංකාව, අපි අපේ රට රැකගනිමු

ඔබ ශක්තිමත් වන්න

– වනිඳු හසරංග

වනිඳු තැබු නිල සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button