Cricket NewsEXCLUSIVEIPL

ලසිත් මාලිංගගේ නම ඉදිරියේ තිබු IPL පිටියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව කොදෙව් ක්‍රිඩක DJ Bravo බිඳ හෙළයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ලෙසින් පෙරමුණේ සිටි ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගව පසු කරමින් එම සුවිශේෂි වාර්තාවට හිමිකම් කීමට කොදෙව් ක්‍රිඩක Dwaine Bravo සමත් වුනා.

මෙවර IPL 2022 තරගාවලිය ආරම්භ කරමින් පැවති KKR සහ CSK අතර තරඟයේ දී DJ Bravo විසින් ලසිත් මාලිංගගේ මෙම වැඩිම කඩුලු සංඛ්‍යාව සම කිරීමට සමත්වුණා.

ඊයෙ Chennai සහ Lucknow අතර පැවති තරඟයේදී ඔහු විසින් කඩුල්ලක් දවා ගැනීමත් සමග එම වාර්තාව DJ Bravoගේ නම ඉදිරියේ ලිය වුනා.

කෙසේ නමුත් බ්‍රාවෝ ඒ වෙනුවෙන් වැය කර ඇති තරඟ සංඛ්‍යාව ඉණිම් 150ක්.

ලසිත් මාලිංග IPL ඉතිහාසයේ ඉණිම් 122ක් තුළ කඩුලු 170ක් බිඳ හෙළීමට සමත්ව සිටියේ එදා මෙදා තුර IPL ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා තමන් බව නැවත නැවතත් තහවුරු කරමිනි.

Mumbai Indians
 Mumbai Indians
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7