Cricket NewsEXCLUSIVE

“ගිල් මගේ ලෝක වාර්ථාවන් වූ 400* හා 501* බිඳ දමාවි.මේ පරම්පරාවේ දක්ශතම පිතිකරුවා තමයි ඔහු ” – හිටපු කොදෙව් පුරාවෘත්තය බ්‍රයන් ලාරා කියන කතාව !

මාධ්‍ය වැඩසටහනකට එක්වූ හිටපු කොදෙව් පුරාවෘත්තයක් වන බ්‍රයන් ලාරා ඉන්දීය යොවුන් ක්‍රීඩක ශුබ්මන් ගිල් පිළිබඳව අදහස් ප්‍රකාශ කලේය.ඔහු එහිදී පැවසුවේ ගිල්ට ඔහුගේ විශිෂ්ථම ලෝක වාර්ථාවන් දෙකම බිඳ දැමිය හැකි බවයි.

“ශුබ්මන් ගිල්ට මගේ වාර්තා දෙකම බිඳ දැමිය හැකියි” ලාරා පැවසුවේය.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයා ගිල් හැඳින්වූයේ වත්මන් පිතිකරුවන් අතර සිටින දක්ෂතම පිතිකරුවා ලෙසයි.

“ගිල් මේ නව පරම්පරාවේ සිටින දක්ෂතම පිතිකරුවා. ඉදිරි වසරවලදී ඔහු ක්‍රිකට් පාලනය කරනු ඇත. ඔහු විශාල වාර්තා රැසක් බිඳ හෙලනු ඇතැයි මම විශ්වාස කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7