Cricket NewsEXCLUSIVEInternational

වනිඳු තුන් ඉරි­ය­ව්වෙන් යළිත් අංක එකට එයි

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම විස්සයි20 ක්‍රීඩක ශ්‍රේණි­ගත කිරීම් අනුව යළිත් වරක් තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ පෙර­මුණ හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හස­රංග සමත්ව තිබේ.

ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය ආරම්භ වීමට පෙර එහි පෙර­මුණ ගැනී­මට වනිඳු සමත්ව සිටි­යත්, එම තර­ගා­ව­ලි­යේදී දස්කම් දැක්වී­මට අස­මත් වීම හේතු­වෙන් ඔහු  පහ­තට වැටුණු අතර, අංක එක ඇෆ්ග­නි­ස්තාන කණ්ඩා­යමේ මොහො­මඩ් නබිට හිමි විය. තරග 3ක් ක්‍රීඩා කළ වනිඳු කඩුලු 6ක් දවා­ගත් අතර, දෙව­රක් ලකුණු නොලබා දැවී ගිය ඔහු එක් තර­ග­ය­කදී ලකුණු 20ක් රැස් කළේය.

කෙසේ වෙතත් තර­ගා­ව­ලිය පුරා දස්කම් ප්‍රද­ර්ශ­නය කිරී­මට නොහැකි වීම නිසා නබි යළි දෙවැනි ස්ථානය දක්වා පහත බැස ඇත්තේ වනි­ඳුට පෙර­මුණ දෙමිනි.

ඉන්දීය පිලේ හර්දික් පාණ්ඩ්යා ස්ථාන 4ක් ඉදි­රි­යට එමින් තෙවැනි තැන අත්කර ගැනීම කැපී පෙනෙන අතර, ස්ථාන 3ක් පහළ වැටුණු ඔස්ට්‍රේ­ලි­යාවේ මාකස් ස්ටොයි­නිස් සිව්වැනි තැන සිටී.

මින් පෙර අව­ස්ථා­ව­කදී වනිඳු සමඟ සමව පෙර­මුණ ගෙන සිටි බංග්ලා­දේ­ශයේ ශකීබ් අල් හසන්ට නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව හිමිව ඇත්තේ 6 වැනි ස්ථාන­යයි. වනි­ඳුට අම­ත­රව තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතර ඉදි­රි­යෙන් පසු­වන ශ්‍රී ලාංකි­කයා වන්නේ හිටපු නායක දසුන් ශාන­කය. ඔහුට හිමිව ඇත්තේ 14 වැනි තැනයි.

විස්සයි20 පන්දු යව­න්නන් අතර ස්ථාන 2ක් ඉදි­රි­යට එමින් දෙවැනි තැනට පත්වී­මට ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන් සමත්ව ඇති අතර, එංග­ල­න්තයේ අදිල් රෂීඩ්  සහ වනිඳු හස­රංග පිළි­වෙ­ළින් පළමු සහ තෙවැනි ස්ථාන රැක ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිලේ මහීෂ් තීක්ෂණ ස්ථාන­යක් ඉහ­ළට පැමි­ණිය ද ඔහු දකුණු අප්‍රි­කාවේ ඇන්රිච් නොර්ට්ජේ සම­ඟින් සමව 9 වැනි තැන සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button