Cricket NewsEXCLUSIVEIPLPremier League

වනිදු හසරංග පන්දු රැකීමේදි බේරගත්ත ලකුණු තරගය අවසානයේදි ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් උනා – මැතිව් හේඩන්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ PLAY-OFF හෙවත් තරඟාවලියේ අවසන වටය ඊයෙ ආරම්භ වුවා.

මේ අතර ඊයෙ තරගාවලියේ ELIMINATOR තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගනිමින් මෙවර IPL තරඟාවලියේ දෙවන Qualifier 2 තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනේ ශුරතාවයේ බලාපොරොත්තු තව දුරටත් ඉහල දමා ගනිමිනි.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Lucknow Super Giants ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 207ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Rajat Patidar පන්දු 54කදී ලකුණු 112ක් වාර්තා කිරීමට සමත් වුනා.

Dinesh Karthik ලකුණු 37ක් රැස් කළ අතර Virat Kohli ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohsin Khan, Krunal Pandya, Avesh Khan,සහ Ravi Bishnoi එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 208ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 193ක් පමණයි

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ KL Rahul පන්දු 58ක් තුල වෙගවත් ලකුණු 79ක් රැස් කල අතර Deepak Hooda ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර සුපිරි පාදග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගගේ දක්ෂතා ගැන මැතිව් හේඩන් ඊයේ තරගයෙන් අනතුරුව අදහස් දක්වා තිබුණා.

ඔහු පැවසුවෙ වනිදු හසරංගට පන්දුවෙන් ලොකු දෙයක් කරන්න බැරි උනත් ඔහුගේ පන්දු රැකීම ඉහළ මට්ටමක තිබුණ බවයි. තවද ඔහුගෙ මතය අනුව තරගය ජයග්‍රහණය කිරීමට ඒ පන්දු රැකීම විශිෂ්ට ලෙස බලපෑ බවද මැතිව් හේඩන් සදහන් කර සිටියා.

May be an image of 2 people

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button