Cricket NewsEXCLUSIVEInternational

පිතිකරුවන්ට ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් ආව නම් ආක්‍රමණශ්‍රීලී වෙන්නෙ නැතුව කෙටි ලකුණු ලබා ගන්නවා – ශ්‍රි ලංකා නායක වනිදු

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු ඒ බව කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ මෙම තරගයේදී ලබාගත යුතු යැයි තරගයට පෙර සැලසුම් කළ ලකුණු සංඛ්‍යාව අඩු කිරීම සඳහා කණ්ඩායමේ අභ්‍යන්තරයේ කිසිදු කතිකාවතක් නොතිබූ බවත්, එවන් අඩු පාඩු මින් ඉදිරියට සිදු නොවිය යුතු බවත්ය.

“අපි තරගයට කළින් හිතුවෙ පළමුවෙන් පන්දුවට පහරදුන්නොත් ලකුණු 180 කට වඩා රැස්කරන්නයි. ඒකයි කඩුලු ‍වැටෙද්දි පවා අපේ පිතිකරුවො ආරක්ෂාකාරී පිතිහඹයක නි‍රත වෙන්නෙ නැතුව දිගින් දිගටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට පහර දෙන්න උත්සාහ කළේ. දැන් අපිට තේරෙනවා මේ වගේ තණතීරුවක ලකුණු 120 ක් 130 ක් කියන්නෙ වෙනත් තණතීරුවක ලකණු 180 කට සමාන ලකුණු සංඛ්‍යාවක්. දකුණු අප්‍රිකානු පිතිකරුවන්ටත් ලකුණු 77 හඹායන්න ඕවර 16 ක් පිතිහරඹයේ යෙදෙන්න වුණ ‍එකෙන් අපිට ඒක හොඳටම තහවුරු වෙනවා.”

“ඒත් කණගාටුවට වගේ කණ්ඩායමේ ඒ ගැන කිසිම කතාබහක් තිබුණේ නෑ. පිට්ටනියෙ ඉන්න පිතිකරුවන්ට ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් ආව නම් ආක්‍රමණශ්‍රීලී වෙන්නෙ නැතුව කෙටි ලකුණු ලබාගනිමින් ඉනිම ලකුණු 120 ක් 130 ක් වෙනකං ඇදගෙන යන්න කියලා තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. මං හිතනවා අපිට කණ්ඩායම ඇතු‍ලෙ මීට වඩා ඒ ගැන කතාබහ කරන්න තිබුණා කියලා” යැයි වනිඳු කියා සිටියේය.

මෙම තරගය නසාවු තණතීරුවේ පැවැති පළමු ජාත්‍යන්තර තරගය වුවත්, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තමා තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය පන්දු යැවීමේ බළෑණිය වීම නිසා බව වනිඳු කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
64
+1
3
+1
2
+1
12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button