Cricket NewsEXCLUSIVE

විවේක ගන්වා සිටි Jasprit Bumrah සහ Ravindra Jadeja ශ්‍රී ලංකාව සමග තරඟාවලිය වෙනුවෙන් සංචිතයට කැඳවයි – කෝලි සහ KL Rahul සංචිතයෙන් ඉවත් කෙරේ.!

එළඹෙන 2023 වසර ක්‍රිකට් රසිකයන්ට ඉතා කාර්යබහුල වසරක් වන අතර ඊට ප්‍රධාන හේතුව වන්නේ එක්දින ලෝක කුසලාන තරඟාවලිය ද 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබීමයි.

එමෙන්ම 2023 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟාවලිය ඉන්දියාව සමග ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර තරඟාවලිය ජනවාරි 3වන දා සිට ඇරඹීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ප්‍රබල සංචිතයක් නිවේදනය කිරීමට සුදානමින් සිටින අතර එම සංචිතයට මීට පෙර විවේක ගන්වා සිටී ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා ද කැඳවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එමෙන්ම මීට පෙර ඇඟිල්ලෙ සිදු වූ ආබාධ තත්වයක් හේතුවන් මෙම තරඟාවලිය ඉන්දීය නායක රෝහිත් ශර්මා හට අහිමි වන අතර හර්දික් පාණ්ඩ්‍යා ඉන්දිය කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

එමෙන්ම මෙම තරඟාවලියේදි ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිව විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති අතර KL Rahul හටද විවාහය හේතුවෙන් මෙවර තරඟාවලිය අහිමිව යනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button